header photo
  ..... “A picture is a secret about a secret, the more it tells you the less you know.” ― Diane Arbus...

Friday, October 5, 2012

දර ගෙයි අමුත්තා


Monday, July 2, 2012

7- මිතුරිය



මිතුරිය

ප්‍රේමවන්තිය

ලෙංගතු පාන පෙනේ

නුඹ මිස කවුද

මා දිවි මඟ

තනිය මැකේ

6 - අභාවය



මට ආරංචියි
නුඹ මිය ගිය වඟ
මගේ ඇඟිලි තුඩු
හැඬුවා

නුඹ අමතක නැති බව කීවා

5 - බඹරා


මැරෙන්නවත් මට

නිස්කලංකයක් . . ! !


උදේ පිපිලා
නැහැ දැක්කේ
තවම නුඹ

4 - පුතා


නිහඬ නිසල බව බිඳ ගෙන

කොහෙ දෝ  ඈතක ඉදගෙන

දන්නෙම නැතිවම පායපු

සඳ ඔයයි පුතේ

3 - තනිය


තනිය



තනියක්
කොහෙ ද මට
තනිකම 
මා
ළඟ ම
ඇති කොට

ස්ථානය :-  සොර බොර වැව

2- තෑග්ග



පෙම්වතෙක්ගෙන් ලද
ප්‍රථම තෑග්ග
දුරස් වුනත්
නිහඬ වුනත්
මතක පොතෙන්
මැකිල ගියත්
වැයෙන තතක්
කියාවි දෝ
රහස නුඹයි සැමදා